Sinhala

lankacgossip | ජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…


November 20, 2021 at 1:20 pm | lankacgossip

ජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ තම නිවසේ සිටීම හොඳ දෙයක් වුවද එය ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනා​ධිපතිවරයා එහි සිටින නිසා ඒ අවට නිවාස නිතරම ආරක්ෂක අංශ විසින් පරික්ෂා කිරීම සිදුවන සිදුවන බවත් එය ජනතාවට හිරිහැරයක් බවත් එහි අවට කුඩා කුඩා ව්‍යාපාර වලට පවා විශාල බලපෑමක් ඇතිවී තිබෙන බවත් ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

ජනාධිපති නිල නිවාස රට පුරා පිහිටා ඇතත් ජනාධිපතිවරයා ඒවාට එක් දිනක් හෝ ගොස් නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

100 views



Source link

Related posts

lankacgossip | සහනාධාරය නෑ.. පොහොර මිටියක් 10200යි..

Rohan

lankacgossip | ස්විස් බැංකු රහස් හෙලි කරයි… ලාංකිකයන් 83ක් සැගවූ ධනය හෙලිවේ..

Rohan

lankacgossip | නුවරඑලියට තද වැසි.. මාර්ග ජලයෙන් යට වෙයිත… ගමනා ගමනයට බාධා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy