Sinhala

lankacgossip | ‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’ ග‍්‍රන්ථාරූඪ කරයි.. සුදේව ජනපතිට පිලිගන්වයි..


November 21, 2021 at 3:28 am | lankacgossip

‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’ ග‍්‍රන්ථාරූඪ කරයි.. සුදේව ජනපතිට පිලිගන්වයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ සැමරුම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සම්පාදනය කළ “අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර” ග්‍රන්ථය , එහි දමිළ හා ඉංග්‍රීසි භාෂා ග්‍රන්ථ, විශේෂ රූපවාහිනී වැඩසටහනේ ඩී.වී.ඩී පටය සහ Signature of THE EXECUTIVE සඟරාවේ පළමු ප්‍රකාශය ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කිරීම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා අතින් (19) අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා , මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායක ඇතුළු ජනාධිපති මාධ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

60 views



Source link

Related posts

lankacgossip | මුහුදු රළ ගොඩබිමට..

Rohan

lankacgossip | ඇදිරි නීතිය තවත් දීර්ඝ කරනවාද.. තීරණාත්මක සාකච්චාවක්..

Rohan

lankacgossip | රත්මලාන ගුවන් තොටුපළෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy