Sinhala

lankacgossip | සඳහිරු සෑය දෙමළ ජනයාගේ වෛරය අවුලන ගින්දරක්.. එය ඉදිකිරීමට මා විරුද්දයි..


November 19, 2021 at 11:20 am | lankacgossip

සඳහිරු සෑය දෙමළ ජනයාගේ වෛරය අවුලන ගින්දරක්.. එය ඉදිකිරීමට මා විරුද්දයි..- අගලකඩ සිරිසුමන හිමි

යුද ජයග්‍රහණ සැමරීම සඳහා ස්මාරක ඉදි කිරිමක නොකල යුතු බව මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ සඳහන් කරති.

සඳහිරු සෑය නිර්මාණය කර ඇත්තේ යුධ ජයග්‍රහණය සැමරීමේ ස්මාරකයක් ලෙස බවද පැවසූ වසන උන්වහන්සේ මෙහි කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී තමා ඊට විරෝධය පළ බවද සඳහන් කරති.

මෙම ඉදිකිරීම හේතුවෙන් පරාජිත වූ පිරිසකට වෛරය ඇතිවන බවත් ඒ ආකාරයට කටයුතු නොකළ යුතු බව උන්වහන්සේ කියා සිටිති.

සඳ හිරු පරාජිත පිරිසක් අතර වෛරය දල්වන ගින්දරක් බවත් පෙන්වාදෙන උන්වහන්සේ එම ඉදිකිරීම නිසා සිංහල බෞද්ධයන් පිරිසක් මෙන්ම ඇතැම් රණවිරුවන් ද සතුටු වනු ඇති බවද කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර සිටියහ.

254 views



Source link

Related posts

lankacgossip | එන්නත්කරණයට ආ ජනතාවට පොලිස් ලොක්කෙක් පහර දෙයි.. [Video]

Rohan

lankacgossip | චන්දිම වීරක්කොඩිට කොරොනා

Rohan

lankacgossip | වැලිකඩ සිරකරුවන් පිරිසක් වහලය උඩ නැග විරෝධතා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy