Sinhala

lankacgossip | නැනෝ නයිට‍්‍රජන් ඉන්දීය සමාගම කොළඹ මාධ්‍ය හමුවක.. මිල 240යි.. මෙරටට ආනයනයේදී දැවැන්ත වංචාවක් හෙලි වෙයි…


November 19, 2021 at 9:20 am | lankacgossip

නැනෝ නයිට‍්‍රජන් ඉන්දීය සමාගම කොළඹ මාධ්‍ය හමුවක.. මිල 240යි.. මෙරටට ආනයනයේදී දැවැන්ත වංචාවක් හෙලි වෙයි…

ඉන්දියාවෙන් මෙරටට ගෙන ලද නැනෝ නයිට‍්‍රජන් මිලිලීටර් 500 ක මිල ඉන්දීය රුපියල් 240කට බව ඉන්දීය සමාගමේ නියෝජතයකු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඉන්දියාවේ ඇති විශාල තරගය නිසා 10%ක මිල අඩු කිරීමක් යටතේ විකුණන බවද ඔහු පැවසීය.

ලංකාවට එම දියර නයිට‍්‍රජන් ලබා දී ඇත්තේ රුපියල් අටසියයකට වැඩි මුදලකට බවට තොරතුරු වාර්තා වන්නේ යැයි පැවසූ විට ඔහු කියා සිටියේ තමන් ඒ ගැන නොදන්නා බවයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් මේ ගැන විමසු විට ඔහු සඳහන් කළේ මෙම පොහොර ආනයනය කළ සමාගම විශාල ලාභයක් තබා ගෙන ඇති බවට තොරතුරු හෙළි වන බවයි.

ඔවුන් සමඟ සාකච්ඡා කළ එය අඩු කිරීමට උත්සාහ කරන බව ද ඔහු පැවසූ ඔහු පොහොර ආනායනය ඇත්තේ තමන් යටතේ නොවන බවද පැවසීය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

305 views



Source link

Related posts

lankacgossip | යගදනවි ගිවිසුමේ පිටපතක් ලබාදීම මුදල් අමාත්‍යංශය ප‍්‍රතික්‍ෂෙප කරයි..

Rohan

lankacgossip | චන්නගේ රේන්ජ් රෝවරයෙන් කිඹුලා ඉවරයි.. චිත‍්‍රසුමන මාධ්‍ය අමතයි..

Rohan

lankacgossip | ජනාධිපති වහා දේශපාලනය කල යුතුයි.. පක්‍ෂ නායක හමුවට ආ යුතුයි.. බොහෝ ප‍්‍රශ්න එවාට විසදෙනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy