Sinhala

lankacgossip | ගෝටාභයට ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරන්න බෑ.. ඔහු ඇමරිකාවේ පරිඝණක ක‍්‍රියාකරුවෙක්..


November 19, 2021 at 3:00 pm | lankacgossip

ගෝටාභයට ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරන්න බෑ.. ඔහු ඇමරිකාවේ පරිඝණක ක‍්‍රියාකරුවෙක්..

අද වත්මන් ආණ්ඩුවට පිස්සු හැදී ඇත්තේ පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵල කැරකී ඒමට පටන් ගැනීම නිසා බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

නීතියෙන් ගැලවුණද දෙවියන් වහන්සේගෙන් හා විශ්වයෙන් බේරීමට කිසිවෙකුටත් නොහැකි බවද මන්ත්‍රීවරයා සදහන් කලේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

පසුගිය ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී තමන් ඊට විරුද්ධ වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගෝටාභය රාජපක්ෂ මහතාට ප්‍රාදේශීය සභාවක් හෝ පාලනය කර පරිපාලන අත්දැකීම් නැති බවත් පැවසූ මන්ත්‍රීවරයා ඔහු රටක් පාලනය කිරීමට නොදන්නා බවද මහින්ද රාජපක්‍ෂ මහතාට පැවසූ බවත් කියා සිටියේය.

හමුදාවේ යම් කොටසක් විතරක් පාලනය කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බවත් ඔහු ඇමරිකාවේ පරිගණක ක්‍රියාකාරැවෙකු ලෙස පමණක් කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා තව දුරටත් සඳහන් කළේය.

993 views



Source link

Related posts

lankacgossip | අග්‍රාමාත්‍ය ආර්යාවගේ මග පෙන්වීමෙන් අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක්…

Rohan

lankacgossip | පැරදුනු මැති ඇමතිවරුන් 30කට ප‍්‍රභූ ආරක්‍ෂාව…

Rohan

lankacgossip | පුංචි දේශපාලන කණ්ඩායමක් මට විරුද්දව විෂ කුමන්ත‍්‍රණයක..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy