November 19, 2021 at 10:00 am | lankacgossip
පොහොය දිනද ඇතුළු දීර්ඝ සති අන්තයේ ජනතාවගේ හැසිරීම කණගාටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
රටපුරා බොහෝ තැන්වල විනෝද වීම සඳහා බොහෝ දෙනකු ගමන් කරන ආකාරය දක්නට ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
ඒ බොහෝ අවස්ථාවල ජනතාව කිසිදු අයුරකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනු දැක ගත නොහැකි බව ද ඒ මහතා සදහන් කලේය.
මේ අයුරින් කටයුතු කිරීම හේතුවෙන් රට දිගින් දිගටම අවදානමට පත් වන බවත් රටේ ඉතා තදින් කොරෝනා රෝගීන් පැතිරී යමින් තිබෙන අවස්ථාවක් උදා වී ඇති බවත් ඔහු පැවසීය.
මේ ආකාරයෙන් කටයුතු කලොත් නුදුරේදිම රට යලි වසා දැමීමට සිදු වනු ඇතැයිද ඔහු අවධාරණය කළේය.
රට විවෘත කිරීම හෝ සා දැමීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම මත බවද ඔහු තවදුරටත් අවධාරණය කළේය.
0 views