Sinhala

lankacgossip | කසල තේ කලවම් කර ප‍්‍රතිඅපනයනය ජයටම යයි.. ලංකාවේ තේ මිල බහී…


November 20, 2021 at 3:24 am | lankacgossip

කසල තේ කලවම් කර ප‍්‍රතිඅපනයනය ජයටම යයි.. ලංකාවේ තේ මිල බහී…

අද වන විට මෙරට අමු තේ දලු මිල වේගයෙන් පහල බසිමින් ඇතැයි කුඩා තේ වතු හිමියෝ කියා සිටිති.

ඉන්දියාවෙන් හා කෙන්යාවෙන් බාල තේ අානයනය කර මෙරට තේ වලට මිශ්‍ර කර ප්‍රති අපනයනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

වත්මන් ආණ්ඩුව බලයට එද්දී රුපියල් 120ක තිබූ අමු තේ දලු කිලෝව අද වන විට රුපියල් 88 සීමාවට පහත වැටී ඇතැයි කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ වසන්ත අල්විස් මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් කුඩා තේ වතු හිමියන් බරපතළ ආර්ථික අර්බුදයකට පත්ව ඇති බවද ඔහු පැවසීය.

විදේශයන්ගෙන් තේ ආනයනය කර මෙරට තේ සදහා 30%ක් මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීමට ඉඩ දීමට රජය ගෙන ඇති තීන්දුව හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවද ඔහු තව දුරටත් සදහන් කලේය.

128 views



Source link

Related posts

lankacgossip | ඉන්ධන හිග වෙන්නේ විපක්‍ෂයේ බොරු මත නිසා..

Rohan

lankacgossip | දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස් කෙරේ..

Rohan

lankacgossip | ගෑස් මිල පාලනය ගිලිහේ…. සිලින්ඩරය 3500යි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy