Sinhala

lankacgossip | එළුවන් රංචුවක් හොරෙන් ගෙනයද්දී අල්ලයි…


November 20, 2021 at 2:19 am | lankacgossip

එළුවන් රංචුවක් හොරෙන් ගෙනයද්දී අල්ලයි…

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව එළුවන් 68 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි පොලිස් විශේෂ කාර්ය බලකා සෝදිසි මුරපොලකදී ධාවනය වූ සැකකටයුතු ලොරි රථයක් පරික්ෂා කිරීමේදී ඒ තුල සිටි අදාල එළුවන් තොගය බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී සොයාගනු ලැබීය.

මෙම එළුවන් යාපනය තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාවට්කුලි ප්‍රදේශයේ සිට රැගෙන මන්නාරම හරහා පුත්තලම් ප්‍රදේශයට රැගෙන යාමට සැකකරුවන් විසින් සැලසුම් කොට තිබූ බවටද අදාල එවවන් මිලදී ගැනීමේ ලියකියවිලි හෝ ප්‍රවාහනය කිරීමේ අවසරපත් නොමැතිවීම හේතුවෙන් කිසියම් ස්ථානයකින් සොරාගෙන මෙලෙස ප්‍රවාහනය කරනු ඇතැයිද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැක පලකර සිටිති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවට්කුලි ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා චාවකච්චේරි පොලීසියට භාරදීමට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

77 views



Source link

Related posts

lankacgossip | ‘මහින්ද රාජපක්‍ෂ කුසලාන’ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් අද සිට කොළඹදී..

Rohan

lankacgossip | යාපනය සරසවියේ මහවිරු සැමරුම්වලටත් අධිකරණ තහනම් නියෝගයක්…

Rohan

lankacgossip | චන්දිම වීරක්කොඩිට කොරොනා

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy