Sinhala

lankacgossip | එල්වළු ඉල්ලුමට සැපයුම දෙන්න බෑ.. වගා පාළුයි.. මිල අධිකව වැඩිවේවි..


November 19, 2021 at 5:30 pm | lankacgossip

එල්වළු ඉල්ලුමට සැපයුම දෙන්න බෑ.. වගා පාළුයි.. මිල අධිකව වැඩිවේවි..- නුවරඑලියෙන් පණිවුඩයක්..

එළඹෙන නත්තල් උත්සව සමයේ වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙලදපොලට ලබාදිමට නොහැකි විම හමුවේ නත්තල් සමයේ එලවළු මිල දැනට පවතින මිලට වඩා අධික ලෙස ඉහල යා හැකි බවත්, නුවරඑලියේ වගා කරන ඇතැම් එලවළු වර්ග වෙලදපොලේ දක්නට පවා නොලැබෙන තත්ත්වයක් උද්ගත වන බව නුවරඑලිය එලවළු ගොවින් කියා සිටියි.

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් කැරට්,ගෝවා,ලික්ස්,අර්තාපල්, සලාද ඇතුළු එලවළු වර්ග කිහිපයක් මේ වන විට වගා කර ඇති බවත්, රසායනික පොහොර සහ කෘෂි රසායනික එලවළු වගාවට එක් නොකිරිම තුල එලවළු වගාවේ අස්වැන්න ඉතිහාසයේ කවරදාකවත් නොවු ආකාරයෙන් අඩු වි ඇති බවත්, රෝපණය කල ඇතැම් එලවළු වර්ග විනාශ වි ඇති බවයි නුවරඑලිය ගොවින් කියා සිටින්නේ.

තම එලවළු වගා ගොවිපොලවල් වල දිනකට කම්කරුවන් විශාල පිරිසක් සේවය කල බවත්, මේ වන විට ඔහුන්ගේ රැකියාද අහිමි වි තමන්ටද එලවළු වගාව අත්හැර වෙනත් රැකියාවක නිරත විමට සිදු වි ඇති බවද එම එලවළු වගා ගොවින් කියා සිටියි.

පවත්නා තත්ත්වය මත නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා ගොවින් කිහිප දෙනෙකු මේ වන විට එලවළු වගාවෙන් ඉවත් වි ඇති බවද ඔහුන් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

97 views



Source link

Related posts

lankacgossip | කලකට පසුව අඩුම කොරෝනා මරණ ගණන අදයි..

Rohan

lankacgossip | මහරෝහලේ හදිසි ගින්නක්.. උපකරණවලට දැඩි හානි…

Rohan

lankacgossip | ‘අවුරුද්දකින් අපේ ආණ්ඩුවක් එනවා.. යමං අයියෙ පයින්..’ බසය හරවා යැවූ පසු හිරුණිකා පයින් එයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy