Sinhala

lankacgossip | SJB විරෝධතාවට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් යයි කියූ පුද්ගලයාගේ ලිපිනය ඇමති වාසුගේ නිවස..


November 18, 2021 at 10:00 am | lankacgossip

SJB විරෝධතාවට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් යයි කියූ පුද්ගලයාගේ ලිපිනය ඇමති වාසුගේ නිවස..

සමගි ජනබලවේගය පක්ෂය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල වන බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබූ ද්‍රවිඩ ජාතිකයකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (17 දා) නියෝග කළේය.

එම සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

ජෙගනාදන් ජෝශප් පිල්ලේ නමැති එම සැකකරු පසුගිය 15 වැනිදා කුරුඳුවත්ත පොලිසිය අසලට පැමිණ තමාට ඉතා රහසිගත තොරතුරක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට ඇති බවට සඳහන් තුණ්ඩු කැබැල්ලක් ඉදිරිපත් කර එකී ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ පොලිසියට පැමිණිලි කොට තිබූ අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට පියවර ගෙන තිබිණි.

ඔහු සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවත් ඔහුගේ පදිංචිය ලෙස ලබාදී ඇත්තේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නිවසේ ලිපිනය වන නමුත් එහි එවැනි පුද්ගලයකු පදිංචි බවට තොරතුරු අනාවරණය වී නොමැති බවත් අධිකරණයට පෙන්වාදුන් විමර්ශන නිලධාරීන් එම සැකකරු ස්ථිර පදිංචියක් ඇති පුද්ගලයකු නොවන බව මේ දක්වා සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක
– divaina

912 views



Source link

Related posts

lankacgossip | දේශීය ඖෂධ දැඩි හිගයක්.. මිලද සීඝ‍්‍රයෙන් ඉහලට…

Rohan

lankacgossip | අගමැති පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර පත් කරයි…

Rohan

lankacgossip | ‘ඇමති නිවසේ බෝම්බයක්..’ – ඔත්තුව දුන් දෙදෙනෙකු අත්අඩංගුවට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy