Sinhala

lankacgossip | හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…


November 18, 2021 at 8:02 am | lankacgossip

හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන 17 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් උතුරු මැද පළාත තුළ මධ්‍යස්ථාන 35කදී කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලැබේ. ඒ සඳහා ජපන් ජබර, ගිනිසීරියා, කුකුළු අපද්‍රව්‍ය, වියළි ගොම සහ එප්පාවල රොක් පොස්පේට්, අමුද්‍රව්‍ය ලෙස යොදාගැනේ. මහ කන්නය සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

අනුරාධපුර ඔයාමඩුව, සේනානායක මාවත, පදවිය, මහඉලුප්පල්ලම, එප්පාවල සහ තලාව පිහිටි මධ්‍යස්ථාන 6කදී පොහොර ඇසුරුම් කර, කොමර්ෂල් පොහොර සමාගමට ලබා දෙයි. අනතුරුව කොමර්ෂල් පොහොර සමාගම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ගොවි ජනතාව වෙත කාබනික පොහොර බෙදාහැරීම සිදු කරයි.

මෙම කාබනික පොහොර මෙට්‍රික් ටොන් එකක් කුඹුරු හෙක්ටයාරයකට භාවිත කළ හැක. පොහොරවල නිෂ්පාදන කටයුතු සහ ගුණාත්මකභාවය පිළිබඳ ඇසුරුම් මධ්‍යස්ථානවලදී හෝ නිෂ්පාදන මධ්‍යස්ථාන වලදී ගොවීන්ට දැක බලා ගැනීමට ද අවස්ථාව සලසා තිබේ.

ඔයාමඩුව සහ සේනානායක මාවත පිහිටි කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා නිෂ්පාදිත පොහොර වල තත්ත්වය විමර්ශනයට ලක් කළේය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම නිරීක්ෂණ අවස්ථාවන්ට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍යඅංශය

77 views



Source link

Related posts

lankacgossip | පාසැල් සිසුන් දහසකට.. ගුරුවරුන් සියකකට කොරෝනා.. පාසැල් සිසුන් අතරේ වේගයෙන් පැතිරෙමින්…

Rohan

lankacgossip | එන්නත නැතොත් වැඩ කරන්න බෑ කියා හමුදාවේ අපි කීවේ නෑ.. බිරිදට පවුලට එන්නත් ඉල්ලුවේ නෑ..

Rohan

lankacgossip | SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy