Sinhala

lankacgossip | විදුලිය ඉන්ධන ජලය ගෑස් වලට සහනාධාර දෙනවාට මං විරුද්දයි… මන්ත‍්‍රීවරුන්ට වාහන ඕන දෙයියයනේ..


November 18, 2021 at 1:20 pm | lankacgossip

විදුලිය ඉන්ධන ජලය ගෑස් වලට සහනාධාර දෙනවාට මං විරුද්දයි… මන්ත‍්‍රීවරුන්ට වාහන ඕන දෙයියයනේ..

විදුලිය ඉන්ධන ජලය ගෑස් ආදිය සඳහා සහනාධාර දෙනවාට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ගෑස් වලට තමන් ගෙවිය යුතු බවත් වෙන කිසිවෙකු මුදල් ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය.

සහනාධාර දීම යනු තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ජලය ගෑස් සඳහා වෙන කිසිවෙකු මුදල් ගෙවීම බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

‘මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ. මන්ත‍්‍රීවරුන් හැම මඟුල් ගෙදරම යන්න ඕනෑ හැම මළ ගෙදර යන්න ඕනෑ. මේක හරි අසාධාරණයි’ යයිද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

34 views



Source link

Related posts

lankacgossip | පුද්ගලික බසයක් වසා තිබූ දුම්රිය ගේට්ටුවක් හරහා රිංගා හිරවෙයි.. මගීන් කෑ ගසයි..

Rohan

lankacgossip | SPC සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට යවයි..

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකාව ජනවරියේදී බංකොලොත් අවදානමක..?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy