November 18, 2021 at 12:40 pm | lankacgossip
යාපනය වැල්වැටිතුරෙයි නගරසභාවේ 2022 වසර සඳහා වූ නව අයවැය එක් ඡන්දයකින් ඊයේ (17) දින පරාජයට පත්වීම හේතුවෙන් නැවත එය දින 14 කින් සංසෝධනය කොට ඉදිරිපත් කිරීමට සිදුව ඇත.
වැල්වැටිතුරේයි නගරසභාවේ හිටපු නගරාධිපති වූ කෝනලිංගම් කරුනානන්දරාසා මහතා පසුගිය අගෝස්තු 11 වනදා කොවීඩ් ආසාදනය වී මිය යාමෙන් අනතුරුව ස්වාධීන අපෙක්ෂකයෙකු වූ එස්.සෙල්වේන්ද්ර මහතා පසුගිය සැප්තම්බර් මස 22 වනදා නගරාධිපති වශයෙන් පත්වී මාස දෙකක් ගතවීමට මත්තෙන් ඉදිරිපත්කල පළමු අයවැය මෙලෙස පරාජයට පත් විය.
මේ අනුව වැල්වැටිතුරේයි නගරසභාවේ නව අයවැය වෙනුවෙන් පක්ෂව ඡන්ද 08 ක්ද විපක්ෂව ඡන්ද 09 ක් ලැබීම හේතුවෙන් එක් ඡන්දයකින් පරාජයට පත්විය.
එහිදී පක්ෂව ස්වාධීන පක්ෂ ඡනද 4 , ඊ.පී.ඩී.පී. පක්ෂයෙන් ඡන්ද 2, දෙමළ එක්සත් විමුක්ති පෙරමුනෙන් ඡන්ද 1ක් සහ ශ්රීලංකා නිදහස් පක්ෂයෙන් ඡන්ද 1 වශයෙන් ඡන්ද 08 ක්ද විපක්ෂව දෙමළ ජාතික සන්ධානයෙන් ඡනද 07 ක් දෙමළ ජාතික ජනතා පෙරමුනෙන් ඡන්ද 02 ක් වශයෙන් ඡන්ද 09 ක් ප්රකාශ කොට තිබුණි.
මෙලෙසින් අයවැය දෙවනවරට ඉදිරිපත් කිරීමේදීද පරාජයට පත් වුවහොත් නවසභාපති තනතුර අහිමි වීමේ අවධානමක්ද පවතියි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
291 views