Sinhala

lankacgossip | ඩොලර් නෑ… ඉන්ධන ගේන්නත් බැරිවෙයි.. මුළු රටම නතර වෙයි..


November 19, 2021 at 12:02 am | lankacgossip

ඩොලර් නෑ… ඉන්ධන ගේන්නත් බැරිවෙයි.. මුළු රටම නතර වෙයි..- බන්දුල

මෙරටට විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිගයක් ඇති වී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඊට හේතු වී ඇත්තේ පසුගිය පාලන සමයේ විදේශ සංචිත වැරදි කළමනාකරණය හේතුවෙන් ඩොලර් සංචිත සිඳීයාම බවද ඒ මහතා පැවසීය.

කොරොනා වසංගතය හේතුවෙන් විදේශ මුදල් මූලාශ්‍රයක් සිඳී යාමෙන් එම තවත් බරපතළ වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

ඩොලර් උපයාගැනීම සඳහා ඩොලර් මුද්‍රණය කිරීමේ කිසිදු හැකියාවක් ශ්‍රී ලංකාවට නැති බවද පැවසූ අමාත්‍යවරයා මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් හැකි තරම් ඩොලර් මවුබිමට එවන්නැයි ආරාධනා කර සිටින බවද කියා සිටියේය.

මෙරට ඩොලර් සංචිත ඉහළ නොගියොත් විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා කිසිදු ණයවර ලිපියක් නොව නිකුත් කළ නොහැකි තත්ත්වයට රට පැමිණ ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම තත්වය යටතේ ඉදිරියේදි සහල් පිටි සීනි පමණක් නොව ඛනිජ තෙල් පවා ආනයනය කර ගැනීමට නොහැකි වුවහොත් මුළු රට ම නතර වනු ඇතැයිද ඔහු පැවසීය.

382 views



Source link

Related posts

lankacgossip | ආණ්ඩුවේ සුළු පක්‍ෂ මෛත‍්‍රි නිවසේ කඩු මදිති… යුගදනවි දුන්නාට සටන අරඹති…

Rohan

lankacgossip | ඩෙල්ටා ප‍්‍රභේදයට කලින් එකට වඩා ප්‍රබල පැණියක්…

Rohan

lankacgossip | කොරෝනා අඩු කර මාසයෙන් රට යථා තත්වයට පත් කරන්න සූදානම්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy