Sinhala

lankacgossip | චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..


November 18, 2021 at 11:20 am | lankacgossip

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

කොරෝනා ආසාදතයන් සඳහා භාවිතා කිරීමට බ්‍රිතාන්‍ය විසින් නිෂ්පාදනය කර ඇති මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගෙන ඒමට මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ඖෂධ නියාමන අධිකාරිය හෝ කොරෝනා සම්බන්ධයෙන් ඇති තාක්ෂණික කමිටුව මෙතෙක් ඒ සඳහා තමන් දන්නා තරමින් අනුමැතියක් ලබා දී නැතැයි ද ඇය පැවසුවාය.

කොරෝනා සඳහා ගෙන යන ඕනෑම ඖෂධයක් සඳහා එම ආයතන දෙකේම අනුමැතිය අවශ්‍ය බවද පැවසූ ඇය තවම මෙතෙක් එවන් අනුමැතියක් ලැබී නැති බවද කියා සිටියාය.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ මෙම ඖෂධය මෙරටට ආනයනය කිරීම සඳහා කොරෝනා මර්ධන තාක්ෂණ කමිටු අනුමැතිය ලැබී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඇමතිනිය මෙම අදහස් පළ කළා ය.

1,666 views



Source link

Related posts

lankacgossip | එළුවන් රංචුවක් හොරෙන් ගෙනයද්දී අල්ලයි…

Rohan

lankacgossip | සහරාන්ට පඩි ගෙව්වා කියා අගමැති මහින්දත් ඇමති කෙහෙළියත් පිළිගත්තා…

Rohan

lankacgossip | රුපියලක් වැය නොකර සම්පූර්ණ විදේශ ණය ගෙවිය හැකි ව්‍යාපෘතියක් සූදානම්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy