Sinhala

lankacgossip | විශාල පිරිසක් ඉවත් වෙන්න සාකච්චා.. රැයක් එලිවෙද්දී අළුත් ආණ්ඩුවක්..


November 17, 2021 at 10:22 pm | lankacgossip

විශාල පිරිසක් ඉවත් වෙන්න සාකච්චා.. රැයක් එලිවෙද්දී අළුත් ආණ්ඩුවක්..

අද වන විට ආණ්ඩුවේ සිටින විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා විපක්ෂය සමග සාකච්ඡා කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

සමහර පිරිස් වලට ඉතාම ඉක්මනින් ආණ්ඩුවෙන් ඉවත් වී වෙනසක් කිරීමට උවමනා වී ඇතැයිද ඔහු පැවසීය.

නුදුරේදීම පුළුල් එක්සත් පෙරමුණක් බිහි කරමින් වත්මන් ආණ්ඩුව පෙරළා කව ආණ්ඩුවක් පිහිටුවන බවද මන්ත්‍රීවරයා කීය.

නුදුරු දිනක උදෑසන අවදි වෙද්දි ආණ්ඩුව පෙරළී නව ආණ්ඩුවක් බිහි වී ඇතැයි ප්‍රවෘත්ති වාර්තා කරනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

2,957 views



Source link

Related posts

lankacgossip | පාසැල් යලි විවෘත කරන්න දරුවන් එන්නත්කරණය අත්‍යවශ්‍ය නෑ…

Rohan

lankacgossip | සෙල්ලම් පිස්තෝල නගරාධිපති අත්අඩංගුවට.. එසැණින් ඇප මත නිදහස්..

Rohan

lankacgossip | කොඩියේ වැඩවලින් මන්ත‍්‍රීකමට කිසි හානියක් නෑ.. මං ඉදිරියටත් මන්ත‍්‍රී…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy