Sinhala

lankacgossip | මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…


November 17, 2021 at 10:02 pm | lankacgossip

මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය සැපයීමට නොහැකි වූවොත් තව නොබෝ දිනකින් මුළු රටම අඳුරේ තබන්නට සිදුවන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි.

දැනටමත් ටොන් 2000ක් ඇණවුමක් ලැබී තිබුණ ද එය සපයා ගැනීමට තෙල් පිරිපහදුවට නොහැකි බවද ඒ මහතා පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට එරෙහිව එම පිරිපහදුව ඉදිරිපිට පැවති විරෝධතාවයකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

බන්දුල සමන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති අංශයේ ප්‍රධානියෙකි.

1,603 views



Source link

Related posts

lankacgossip | සැක සහිත යාත‍්‍රාවක් හඹා ගිය නාවික හමුදා යාත්‍රා දෙකක් ගැටේ.. සෙබලෙක් අතුරුදහන්..

Rohan

lankacgossip | අගමැතිගෙන් පොලිස්පතිට හදිසි නියෝගයක්…

Rohan

lankacgossip | මෙන්ඩිස්-දික්වැල්ල-ධනුෂ්ක තහනම අවසන් වෙන්න පෙර යලි පිටියට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy