November 17, 2021 at 12:00 pm | lankacgossip
අද වන විට රටේ ජනතාව කොරෝනා උවදුරට වඩා ජීවන බර නැමැති උවදුරෙන් පීඩා විඳින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
එම ජීවන බරින් ජනතාව මුදා ගැනීමට ලංකා සම සමාජ පක්ෂය විසින් ආණ්ඩුවට අයවැය යෝජනාවලියක් ලබා දුන්නත් ඒ කිසිවක් අයවැය ලේඛනයට ඇතුලත් කර නොමැති බව තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.
ඒ නිසාවෙන් ඉදිරිපත් වී ඇති අයවැය යෝජනා වෙන් ජනතාව තව තවත් පීඩනයට ලක්වන බව ඒ මහතා සඳහන් කරයි.
කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොරොන්දු වූ නිසා තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවට පැමිණි නමුත් තමන්ට ලබාදුන් පොරොන්දුව කර ඇති බවත් පෙන්වා දෙන තිස්ස විතාරණ මහතා තමා දේශපාලන කලකිරීමකට ලක්ව ඇති බවත් පවසයි.
ඒ අනුව තමා ඉදිරියේ දී දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව ද තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.
එ් මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ තමාට වසංගත රෝගයන් පිළිබදව මනා දැනුමක් ඇති බවත් එදා වසූරිය රටින් තුරන් කරන්නට තමාට හැකි වූ නමුත් අද කොරෝනා උවදුරින් රට මුදා ගැනීමට ආණ්ඩුව තමන්ගේන් කිසිදු සහයක් ලබා නොගන්නා බවත්ය.
444 views