Sinhala

lankacgossip | අද ජනතාව ආණ්ඩුවට අමතන්නේ කුණුහරුපෙන්..


November 17, 2021 at 11:20 am | lankacgossip

අද ජනතාව ආණ්ඩුවට අමතන්නේ කුණුහරුපෙන්..- දුමින්ද

ආන්ඩුවේ කාබනික පොහොර තීන්දුව හේතුවෙන් ගොවි ජනතාව අද සිටින්නේ ඉතාම සතුටින් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

ආණ්ඩුව වෙනුවෙන් ගොවි ජනතාව අද පාවිච්චි කරන්නේ හොඳ වචන නොවන බවද ඔහු පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අයවැය දෙවැනි වර කියැවීහේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

කාබනික පොහොර භාවිතය ඉතා හොඳ වැඩක් වුවත් කඩිනමින් මෙම ක්‍රමයට මාරුවීම ගැන බොහෝ දෙනෙකු ප්‍රශ්නයක් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

අද තම අස්වැන්න සම්බන්ධයෙන් ගොවි ජනතාවට අවිශ්වාසයක් මතුව ඇති බවත් එම සැකය දුරු කිරීමට ආණ්ඩුවට ශක්තියක් තිබිය යුතු බවත් ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.

113 views



Source link

Related posts

lankacgossip | පට්ට වැඩ්ඩෙක් කියූ බැසිල් සල්ලි අච්චු ගහනවා විතරයි..

Rohan

lankacgossip | ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?

Rohan

lankacgossip | ලොහාන් එක්ක එල්ලුම් ගහ බලන්න ගියේ පුෂ්පිකා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy