Sinhala

lankacgossip | මිලියන 64 කප්පම් ඉල්ලු නඩුවෙන් මා නිදොස් කර නිදහස් කරන්න.. නඩු දැම්මේ මහින්ද සුලග හැදු නිසා..


November 17, 2021 at 3:20 am | lankacgossip

මිලියන 64 කප්පම් ඉල්ලු නඩුවෙන් මා නිදොස් කර නිදහස් කරන්න.. නඩු දැම්මේ මහින්ද සුලග හැදු නිසා..- ප‍්‍රසන්න අධිකරණයට කියයි..

තමන්ටත් තම බිරිඳටත් යහපාලන රජය සමයේ නඩු පැවරුවේ මහින්ද සුළඟ ක්‍රියාත්මක කළ නිසා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමත් එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහාත් ව්‍යාපාරයකුට තර්ජනය කළ රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටියේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක විත්තියේ සාක්ෂි ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

අමාත්‍යවරයා කියා සිටියේ 2015 ජනාධිපතිවරණයෙන් පසු තමන් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට මහින්ද සුළඟ රටපුරා සංවිධානය කළ නිසා මෙසේ දේශපාලන පලිගැනීමට නඩු පැවරූ බවයි.

තමන් මහ ඇමතිවරයකු ලෙස කිසිදු නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් සිදු කර නැති බවද පැවසූ ඔහු අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙසද ඉල්ලා සිටින බව පැවසීය

32 views



Source link

Related posts

lankacgossip | වනිදු හසරංග ලෝකයෙන්ම අංක එකට…

Rohan

lankacgossip | ගම්මන්පිල ඉන්දියානු තැරැව්කරුවෙක් කියා ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි..

Rohan

lankacgossip | හදිසියේම ආ ප‍්‍රකෝටිපති අදානි මන්නරාමේ.. ලංවිය සුලං විදුලි බලාගාරය දෙසට හැරෙයි… සාකච්චා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy