Sinhala

lankacgossip | ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට ගංජා ගෙනැවිත් අල්ලයි..


November 16, 2021 at 10:02 pm | lankacgossip

ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට ගංජා ගෙනැවිත් අල්ලයි..

කංසා වගාව ශ්‍රී ලංකාවේ නීතිගත කර එය අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

කංසා වගාව අපනයනය ව්‍යාපාරයක් ලෙස ප්‍රවර්ධනය කළ හොත් ණය ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමේ කිසිදු උවමනාවක් පැන නොනඟින බව ද ඇය පැවසීය.

එය අපනයන සඳහා පමණක් මිස මත් ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම තහනම් කරමින් දැනට ඇති නීති ඒ ආකාරයෙන්ම පැවතිය යුතු බව ද ඇය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගන්නැයි මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත ඇය කියා සිටියාය.

ඇය මෙම අදහස් පළ කළේ අයවැය දෙවන වර කියැවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

කංසා ආශ‍්‍රයෙන් සිදු කරන ලද නිෂ්පාදන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගෙන ආව ද පවතින නීති රීති හේතුවෙන් තමන්ට එය සභා ගර්භයට ගෙන ඒමට හැකියාවක් නැති වූ බවද ඇය තව දුරටත් සඳහන් කළාය.

2,663 views



Source link

Related posts

lankacgossip | අනුර ජනාධිපති කර ජවිපෙ ආණ්ඩුවක් අවශ්‍ය බව අද රට පුරා ජනතාව කතා වෙනවා…

Rohan

lankacgossip | අහිංසකයින්ගේ ලේවලින් බලයට එන්න උත්සාහ කළා නම් ඒ බලය භුක්ති විඳින්න ලැබෙන්නෙ නෑ.. තමන් නොකලා නම් ඇයි බය..

Rohan

lankacgossip | දරුවන් එකොලහක් පැහැරගෙන මරා දැම්මා නම් කරන්නාගොඩට දඬුවම් ලැබිය යුතුයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy