Sinhala

lankacgossip | ඔක්තොම්බර් වැටුප ඉල්ලා සේවකයන් විරෝධතා…


November 17, 2021 at 2:35 am | lankacgossip

ඔක්තොම්බර් වැටුප ඉල්ලා සේවකයන් විරෝධතා…

ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පලනය වන හැටන් වටවල මවුන්ට්ජින් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් 2021 ඔක්තොම්බර් මස වැටුප ලබාදෙන ලෙස වතු පාලන අධිකාරියට බල කරමින් එම වතු යායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට (16) දින උද්ඝෝෂණයක නිරත විය.

ඔක්තොම්බර් මස වැටුප නොවැම්බර් මස 10 දින වතු පාලන අධිකාරිය විසින් ගෙවිමට නියමිතව තිබුණද එම වැටුප මෙතෙක් තමන් වෙත නොගෙවිම හමුවේ තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින බවද උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටිහ.

තමන්ට ඔක්තොම්බර් මස වැටුප නොලැබිම නිසා තමන් ඇතුළු දු දරුවන්ට කුසගින්නේ සිටිමට සිදු වි ඇති බවත්, වැටුප නොගෙවිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරියෙන් තමන් කල විමසුමකට වතු පාලන අධිකාරිය විසින් ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන තේ වතු පාඩු ලබන තත්ත්වයට පත් වි ඇති නිසා වැටුප් ගෙවිමට නොහැකි බව දැනුම් දුන් බවයි.

රජය විසින් රු 1000 දෛනික වැටුපක් තමන් වෙත ගෙවන ලෙසට කල නියෝගයක් මත තමන්ට මසකට දින 15 ක් පමණක් තේ වත්තේ දෛනික වැඩ ලැබෙන බවත්, එම වැඩ දින ගණනද ප්‍රමාණවත් නොවන බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය මගින් වතු කම්කරුවන් වෙත ගෙවිය යුතු හිග වැටුපට අදාල මුදල් බැංකුගත කිරිමෙන් අනතුරුව ඔක්තොම්බර් මස වැටුප වතු කම්කරුවන්ට ගෙවිම් කටයුතු සිදු කරන බව අප කල විමසුමකට එම වතු යායේ නිලධාරියෙකු පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

108 views



Source link

Related posts

lankacgossip | පෙරේදා රෑ ඇමරිකාවෙන් කට්ටියක් ඇවිත් යුගදනව් බලාගාරය ලියාගෙන ගිහින්..

Rohan

lankacgossip | පුදනකොටම කාපි යකා.. මුරුත්තෙට්ටු හිමි කුලපති කලාට කොළඹ විශ්ව විද්‍යාලයෙන් විරෝධය.. ජනපතිට දැනුම් දෙයි..

Rohan

lankacgossip | ඇමතිකමෙන් ඉවත් වන බව දුමින්ද කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy