Sinhala

lankacgossip | විජේදාස ආණ්ඩුව පතුරු ගහයි.. රටම විකුණද්දී මහින්දගේ හද කම්පාවෙන්දැයි අසයි..


November 15, 2021 at 10:02 pm | lankacgossip

විජේදාස ආණ්ඩුව පතුරු ගහයි.. රටම විකුණද්දී මහින්දගේ හද කම්පාවෙන්දැයි අසයි..

චීනයට විකුණන ලද ද හම්බන්තොට වරාය ආපසු පවරා ගන්නා බවට පොරොන්දු වී බලයට පැමිණි අය අද රටේ දේපළ විකුණා දමමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද වන විට චීනයට රටේ හදවත විකුණා දමා ඇති බවත් ඇමරිකාවට පෙනහළ විකුණා දමා ඇති බවත් ඔහු කියා සිටියේය.

විදේශිකයන්ට මෙරට සම්පත් විකුණා දැමීම එය සාප වන පාපකර්මයක් යයිද ඔහු පැවසීය.

විපක්ෂයේ සිටියදී මහින්ද රාජපක්ෂ මහතා පපුවට ගහගෙන මහපොළොව සිපගත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ හදවත අද කම්ප වෙනු ඇතැයි තමන් සිතන බවත් ඔහු සදහන් කරයි.

අද අපට කිසිවක් ඉතුරු නොවී සියල්ල එකින් එක විකුණමින් පවතින බවද ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පැවති අය-වැය විවාදයේ දීය.

2,752 views



Source link

Related posts

lankacgossip | යගදනවි ගිවිසුමේ පිටපතක් ලබාදීම මුදල් අමාත්‍යංශය ප‍්‍රතික්‍ෂෙප කරයි..

Rohan

lankacgossip | සදුදා තෙක් කඩින් කඩ විදුලිය කපයි.. සැලසුම මෙන්න..

Rohan

lankacgossip | ඇමති DB හේරත්ගේ නිල නිවසට ලක්‍ෂ 20ක ඇදන් අරන්.. ලක්‍ෂ 50ක අලුත්වැඩියාවක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy