Sinhala

lankacgossip | වගාවන්ට රසායන පොහොර දෙන්න තීන්දු කරයි.. වැස්සෙන් කාබනික හේදිලාලු..


November 15, 2021 at 12:40 pm | lankacgossip

වගාවන්ට රසායන පොහොර දෙන්න තීන්දු කරයි.. වැස්සෙන් කාබනික හේදිලාලු..

ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කාබනික පොහොර සේදීගිය වගාවන්ට රසායනික පොහොර ලබාදීමට රජය තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ සඳහා දැනට දැනට රට තුළ ඉතිරිව ඇති රසායනික පොහොර භාවිතා කිරීමට නියමිත බවයි.

බදුල්ල බණ්ඩාරවෙල නුවරඑළිය ආදී ප්‍රදේශ වලට ඇද ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ගොවීන් ගොවිබිම්වලට පාවිච්චි කළ කාබනික පොහොර සෝදා ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද පිළිගෙන ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව හදිසි ක්‍රියාමාර්ග නොගතහොත් එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යනු ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා අනතුරු අඟවා ඇත.

දැනට රට තුළ ඇති පොහොර සහ කෘෂි රසායන පිළිබඳ වාර්තාවක් සකස් කිරීමටද උපදෙස් ලබා දී ඇත.

116 views



Source link

Related posts

lankacgossip | තවත් කොරෝනා මරණ 31ක්..

Rohan

lankacgossip | නැනෝ නයිට‍්‍රජන් වංචාව මිලියන අටදහසයි.. ඇමති පිලිගත්තා.. දැන් රහස් පොලිසියට කැදවන්න..

Rohan

lankacgossip | දළ ජාතික නිෂ්පාදනය 9.2%ට වැටිලා.. රට දුවන්න බැරි තත්ත්වයක් තියෙන්නේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy