Sinhala

lankacgossip | තවත්වන්නේ නෑ.. හෙට කොළඹ දැවැන්ත විරෝධතා.. ආණ්ඩුව පන්නා දමනවා..


November 15, 2021 at 12:00 pm | lankacgossip

තවත්වන්නේ නෑ.. හෙට කොළඹ දැවැන්ත විරෝධතා.. ආණ්ඩුව පන්නා දමනවා..

සමගි ජන බලවේගය විසින් හෙට කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවය අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

නව ගැසට් නිවේදන නිකුත් කරමින් ආණ්ඩුව තම විරෝධතාවය නතර කිරීමට උත්සාහ කළ ද විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන සහභාගීත්වයක් සහිතව විරෝධතාවය පවත්වන බවත් ඔහු පැවසීය.

මේ මොහොතේ පීඩාවට පත්ව සිටින ගොවීන් රාජ්‍ය සේවකයන් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ජනතාවට ඒ සඳහා එක්වන ලෙස ආරාධනා කරන බවද ඔහු කීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදි.

විරෝධතාවයට සහභාගි වීමට විශාල ජනතාවක් දැනටමත් පැමිණීමට සූදානමින් සිටින බවත් ඔවුන් සමඟ එක්ව ආණ්ඩුව පලවා හැරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බවත් ඔහු එහිදී තවදුරටත් පැවසීය.

818 views



Source link

Related posts

lankacgossip | පොහොර ගේනවා.. දෙසැම්බර මුල් සතියේ තොග එනවා.. ජනාධිපති අවසර දුන්නා…

Rohan

lankacgossip | ලිතුවේනියාවෙන් ගෙන්වූයේ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ නෑදෑකමක් ඇති කාබනික පොහොර වර්ගයක්..

Rohan

lankacgossip | අර්ජුන් මහේන්ද‍්‍රන් ලංකාවට බලෙන් උස්සගෙන එන්න බෑ.. එනිසා ඔහු නැතිව නඩු අහනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy