November 14, 2021 at 1:20 pm | lankacgossip
එක රටක් එක නීතියක් ඇති කිරීම සඳහා අලුතින් කාර්ය සාධක බලකා ඇති කිරීමේ උවමනාවක් නැතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
‘අපේ රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අපරාධ නීතියේ මූලික නීතිය දණ්ඩ නීති සංග්‍රහය. ඒක හැදුවෙ සුද්දො. ඒ තරම් පැරැණි එකකින් තමයි අපේ රටේ අපරාධ නීතිය හැදුනෙ. මේ තරම් කාලයක් පැවතගෙන ආවේ එනිසා.
එක රටක් එක නීතියක් පිළිබඳ නම් අධිකරණයට ගියාම අධිකරණය ඉදිරියේ හැමෝම සමාන වෙන්න ඕන. අධිකරනයෙන් වැරදිකරුවන් වන සමහරෙකුට සමාව ලැබෙනවා සමහර සමහරෙකුට ලැබුණේ නෑ. එතකොට එක රටක් එක නීතියක් නෑනේ. එනිසා එතනින් තමයි පූර්වාදර්ශය දෙන්න ඔ්න’ යැයි අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙසයි.
969 views