November 14, 2021 at 11:20 am | lankacgossip
ඉඩම් කොටස් පනහකට වැඩි ප්‍රමාණයක් සඳහා විදේශීය ආයෝජකයන්ට ලබා දීම සදහා රජය විසින් සොයා බලමින් සිටින බව වාර්තාවේ.
මේ හරහා උපයා ගැනීමට බලාපොරොත්තු වන මුදල ඩොලර් මිලියන හයකි.
එම ඉඩම වලින් සියයට 51%ක් කොටස් රජය සතු වන පරිදි ආරම්භ කරන ව්‍යාපෘති වෙනුවෙන් විදේශීය ආයෝජකයන් ඉඩම් ලබාදීමට සාකච්ඡා වෙමින් ඇත.
කොළඹ, රාජගිරිය, නුගේගොඩ, බත්තරමුල්ල, වැලිකඩ, නුවරඑළිය, මහනුවර සහ ජාඇල ප්‍රදේශවල ඉඩම් කිහිපයක් මේ සඳහා දැනට යෝජනා වී ඇත.
කොළඹ කොටුවේ ඇති ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩම, වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම, පිටකොටුවේ ලෝක වෙලද මද්යස්තානය පිහිටි ඉඩම ද ඊට අයත් යැයි ද වාර්තා පල වෙයි.
0 views