November 14, 2021 at 10:00 am | lankacgossip
‘‘ජනතාව සෞඛ්‍ය පුරුදු අමතක කිරීම හේතුවෙන් දැන් දෛනිකව රෝහල්වලට එන කොවිඞ් රෝගීන්ගේ ප්‍රමාණය එන්න එන්නම වැඩියි. මෙහෙම ගියොත් ආයෙමත් රට දෙසැම්බරයේ වහන්න වේවි’’ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා පැවසීය.
දැනටමත් ලංකාවේ සෑම ප්රදේශයකින්ම කොවිඞ් පොකුරු මතුවෙමින් ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
මෙහිදී තවදුරටත් කතාකළ වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා මෙසේ ද කීය.
‘දැන් මේ දින කීපය තුළ දෛනිකව කොවිඞ් රෝගන් 700 ඉක්මවා හමුවෙනවා. මේ තත්ත්වය තුළ රෝහල්වලට එන කොවිඞ් ආසාදිතයින්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. කොවිඞ් ලොකු රැල්ලක් ආයේ එන්න පුළුවන් ලකුණු තියෙනවා. කරන පී. සී. ආර්. ප්‍රමාණය වැඩි කරන්න කිව්වාට ඒවා වෙන්නේ නැහැ. හුඟක් දෙනා කොවිඞ් ගැන අමතක කරලා. උපන්දින සාද, විවාහ මංගල උත්සව සඳහා විශාල පිරිස් එනවා කියලා දැනගන්න තියෙනවා.
මුව ආවරණ පැළඳ ගමන් කිරීම, දෑත් සේදීම, දුරස්ථභාවය තියාගෙන කටයුතු කිරීම කියන දේවල් දිගටම තියාගෙන කටයුතු කරන්න ඕනෑ. එහෙම නැතුව කටයුතු කළහොත් දෙසැම්බර්වල නැවතත් කොවිඞ් රැල්ලක් ඒවි. ජනතාව සෞඛ්‍ය පුරුදු අමතක කරලා හැසිරුණොත් පියවරෙන් පියවර විවෘත කරගෙන යන පාසල් ටිකත් ආයේ වහන්න වේවි’
– divina
699 views