November 14, 2021 at 8:02 am | lankacgossip
තමා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වු දින සිට දවසේ වැඩි කාලයක් සහ සතියේ උපරිම දින ප්‍රමාණයක් තම පලාත් ජනතාව වෙනුවෙන් සේවය කරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවර ජීවන් ත්‍යාගරාජා මහතා ප්‍රකාශ කරයි.
විශේෂයෙන් උතුරු පළාත් සංවර්ධන සහ ප්‍රවර්ධනය කටයුතු කටයුතු වලදී එයට මුලිකත්වය දී කටයුතු කරන බව ප්‍රකාශ කරන උතුරු පළාත් ආණ්ඩුකාර තූමා රජය විසින් ලබාදෙන සියලු සහන උතුරේ ජනතාවට ලබා දී ජනතාවගේ ජීවන බර දුරු කිරීමටත් ජනතාවගේ ප්‍රශ්න ගැටලු වලට සවන්දී එයට විසදුම් ලබාදීමට කටයුතු කරන බව එතුමන් ප්‍රකාශ කරයි.
සාමය,සතුට රැකගෙන සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුබව ප්‍රකාශ කරන ආණ්ඩුකාර තුමා ප්‍රදේශයේ පෞරාණික වටිනාකමකින් යුත් සියලු දේ ආරක්ෂා කර ගනිමින් අපගේ පරිසරය අලංකාරවත් වය රැකගෙන ස්වභා සෞන්දර්ය තුල ජීවත් වීම තුළ සුභවාදී ආකල්ප ඇතිවන බවත් එය තුලින් ජීවිතය ජයගත් හැකි බවත් ප්‍රකාශ කරයි.
ආයෝජනයන් ට උතුරු පළාත තුළ හොද වේදිකාවක් සැදී ඇති බව ප්‍රකාශ කරන ආණ්ඩුකාරවර ජීවන් ත්‍යාගරාජා මහතා එතෙර සිටින ආයෝජකයින්හට උතුරු පළාත තුළ නව ව්‍යාපාර ආරම්භ කිරීමට ආරාධනා කරයි.
– වජිර කොඩිතුවක්කු
108 views