Sinhala

lankacgossip | අයවැයට රජයේ නිලධාරීන් විරුද්ද වෙති.. නොදන්නවා වැඩ වර්ජන කරන බව දැනුම් දේ…


November 14, 2021 at 10:40 am | lankacgossip

අයවැයට රජයේ නිලධාරීන් විරුද්ද වෙති.. නොදන්නවා වැඩ වර්ජන කරන බව දැනුම් දේ…

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින් නොසලකා හැර ඇති බවත් රුපියල් 16000ක වැටුප් හෝ දිමනා ලබා නොදුනහොත් පෙර නොදන්වා වෘත්තිය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් රාජ්‍ය නිලධාරි වෘතිය සමිති සම්මේලනය පවසයි.

අය වැය යෝජනා මගින් මෙරට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දීමනා නොදීම හේතුවෙන් මිලියන 1.5ක රාජ්‍ය සේවකයින් හා ඔවුන්ගෙන් යැපෙන මිලියන 6කට ආසන්න ජනතාව ජිවත් වීමේ අපහසුතාවයට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දේ.

පසුගිය සංඝනනයට අනුව හතර දෙනකුගෙන් යුතු පවුලකට මසක් ජිවත් විමට රු 58000 අවැසි බව සදහන්ව තිබුණද වත්මන් සමයේ සීග්‍රව භාණ්ඩ මිල ඉහල යෑම නිසාවෙන් මේ තත්වය තවදුරටත් ඉහල ගොස් ඇති බවත් ඔවුන් කියා සිටී.

එනිසා ඉදිරි සති කීපය තුලදි මේ පිලිබදව අවධානය යොමු නොකරන්නේනම් පෙර කිසිදු දැන්වීමකින් තොරව වෘතිය ක්‍රියා මාර්ගයන්ට යොමුවන බවද එහි වගකීම රජය භාරගතු යුතුබවද සම්මේලනය වෙනුවෙන් එහි ජාතික සංවිධායකවරයා ලිපියක් යොමු කර ඇත.

– මහින්ද උදයසිරි

247 views



Source link

Related posts

lankacgossip | අපේ ආණ්ඩුවක් හැදුවාම විදේශගත ලාංකිකයන් අපට ඩොලර් දෙනවා.. පලමු මිලියනය කැනඩාවේ අයෙක් දෙන්නේ…

Rohan

lankacgossip | බිලිදිය විකුණා එම මුදලින් මව-පියා කුඩු ගහයි..

Rohan

lankacgossip | ඉන්දීය ධීවරයින් 29 යි යාත්‍රා 06 ක් අල්ලයි….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy