Sinhala

lankacgossip | වතු කම්කරුවෝ විරෝධතා…


November 13, 2021 at 6:48 pm | lankacgossip

වතු කම්කරුවෝ විරෝධතා…

තමන් දිනපතා නෙලන අමු තේ දළු ප්‍රමාණය වතු පාලන අධිකාරි විසින් නිසි ලෙස කිරා භාර ‍නොගෙන තමන් නෙලන තේ දළු වලින් විශාල ප්‍රමාණයක් කපා හරින බව පවසමින් බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් (13) දින උද්ඝෝෂණයක නිරත විය.

බගවන්තලාව වැවිලි සමාගමට අයත් චැපල්ටන් වතු යායේ ඩි/පි කොටසේ වතු කම්කරුවන් පිරිසක් මෙසේ උද්ඝෝෂණයේ නිරත විය.

දිනපතා තමන් නෙලන තේ දළු ප්‍රමාණයෙන් කිලෝ 5 කට වැඩි ප්‍රමාණයක් වතු පාලන අධිකාරිය විසින් තමන්ට නිසි ගෙවිමකින් තොරව ලබා ගන්නා බවත්, එම තත්ත්වය හමුවේ තමන් ගැටළු රැසකට මැදි වි ඇති බව උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටිහ.

උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් අතරට පැමිණි වතුකරයේ වෘත්තිය සමිතියක ප්‍රාදේශිය නායකයෙකු වතු පාලන අධිකාරියෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තේ වතු සමාගම් පාඩු ලබන තත්ත්වයක පවතින බවත්,එම පාඩුව අවම කර ගැනිමට නම් වතු කම්කරුවෙකු නෙලන තේ දළු ප්‍රමාණයෙන් කිලෝ කිහිපයක් කපාගත යුතු බවයි.

මෙයට වෙනත් විකල්පයක් නොමැති බවද වතු පාලන අධිකාරිය විසින් දුරකථනය ඔස්සේ උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් හමුවේ කියා සිටිහ.

වතු කම්කරුවන් (13) දින නෙලන ලද තේ  දළු කිරා වතු පාලන අධිකාරියට භාර නොදිමට උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කටයුතු කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

230 views



Source link

Related posts

lankacgossip | බැදුම්කරය ගෙවුවේ හිතවතුන්ගේ කළු සල්ලි සුදු කරන්නයි…

Rohan

lankacgossip | ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…

Rohan

lankacgossip | කැබිනට් සාමුහික මතයට විරුද්ද නම් ඇමති ධුරයෙන් ඉවත් වීම සුදුසුයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy