November 13, 2021 at 10:22 pm | lankacgossip
බදු අය කර ගැනීම සඳහා යම් භාණ්ඩ කිහිපයක් හඳුනාගෙන ඇතත් ඒවා දැන්ම හෙලි කලොත් එම පාර්ශවයන් අයුතු වාසි ගනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේ මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
‘දැනට අපි හඳුනාගෙන තිබෙනවා බදු අයකරගන්නා අංශ කිහිපයක්. මම හිතන්නේ ඒක දැම්ම හෙලි කලොත් සමහරවිට ඒකෙන් අයුතු වාසි ගන්න ඉඩ තියෙනවා සමහර අය. දේශපාලනඥයෙකු ලෙස බොහොම කැමැතියි උත්තර දෙන්න. නමුත් මුදල් ඇමතිවරයා ලෙස මට කියන්න තහංචි දාලා තියනවා. එම භාණ්ඩ දැම්ම කියන්න එපා කියලා මුදල් අමාත්‍යංශ ලේකම් තුමා උපදෙස් දීලා තියෙනවා. ඉතාම ඉක්මනින් ඒ බදු අය කරන භාණ්ඩ ගැන දැනගන්න පුළුවන් වෙයි’
1,061 views