Sinhala

lankacgossip | ‘එක රටක් එක නීතියක්’ බලකාය වැඩ අරඹයි.. පළමු මහජන දැන්වීම මෙන්න..


November 13, 2021 at 8:02 am | lankacgossip

‘එක රටක් එක නීතියක්’ බලකාය වැඩ අරඹයි.. පළමු මහජන දැන්වීම මෙන්න..

එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් එකී සංකල්පය පිළිබඳව මහජන අදහස් කැඳවීමට තීරණය කර ඇත.

බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මේ බව දැනුම් දෙමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මහජන අදහස් කැඳවීම

ශ්‍රී ලංකාව තුළ – එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මහජන අදහස් විමසීමට තීරණය කර ඇත.

ඒ අනුව ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් ලබා දීමට බලාපොරොත්තුවන අදහස් / යෝජනා ocol.consultations@gmail.com යන විද්‍යුත් ලිපිනයට හෝ ලේකම්, එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, තැ.පෙ. 504, කොළඹ යන ලිපිනයට තැපැල් මගින් 2021 නොවැම්බර් 30 ට පෙර ලබා දිය හැකිය.

ස්තුතියි,

රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි.
සභාපති
“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය

623 views



Source link

Related posts

lankacgossip | තමන් අගමැති ධුරයෙන් ඉවත් වන බව මහින්ද සමීපතමයන්ට කියයි…

Rohan

lankacgossip | ඇමති විමලවීර ඉහල තැනකට පංච නින්දාවෙන් බැණ වදී..

Rohan

lankacgossip | කරඬුව වැඩැම්මවූ නැදුන්ගමුවේ රජා මිය යයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy