Sinhala

lankacgossip | අයවැයෙන් පසු වාහන මිල වැඩිවෙන හැටි මෙන්න..


November 13, 2021 at 10:02 pm | lankacgossip

අයවැයෙන් පසු වාහන මිල වැඩිවෙන හැටි මෙන්න..

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් අයවැය යෝජනා ලෙස ලබාදුන් කිසිවක් මෙවර අයවැයේ සඳහන් නොවන බවත් අයවැය මගින් වාහන මිල අඩුකිරීමට කිසිදු පියවරක් නොගැනීම හමුවේ ඉදිරියේදී මෙරට වාහන මිල තවදුරටත් වැඩිවෙනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මගේ පුද්ගලික මතය නම් අයවැය මගින් වාහන මිල කිසිදු ලෙසකින් අඩු නොවීම නිසා ඉල්ලුම සැපයුම අනුව ඉදියේදී වාහන මිල වැඩිවේවි. ආනයනය කරන වාහන ප්‍රමාණය අඩුවීම තමයි මෙයට හේතුව. මේ නිසා, දිගින් දිගටම මිල වැඩිවීමක් වේ යැයි මම සිතනවා.“

“මුදල් ඇමතිතුමා කිව්වා ඉදිරියේදී වාහන ආනයනය යළිත් යථාතත්ත්වයට පත් කිරීමේදී ප්‍රමුඛත්වය දෙන්නේ විදුලි වාහන වලට කියලා.“ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකදී ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මේ අදහස් පල කරන ලදී.

171 views



Source link

Related posts

lankacgossip | ව්‍යාපාරිකයා පුටුව මතම මිය යයි.. අභිරහස් මරණයක්..

Rohan

lankacgossip | දකුණු අප‍්‍රිකාව පරදා ශ‍්‍රී ලංකාව තරගාවලිය දිනයි…

Rohan

lankacgossip | පහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ යුවලම අත්අඩංගුවට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy