Sinhala

lankacgossip | ලංකාව අයවැය නිසා සෝමාලියාවක් වෙනවා..


November 12, 2021 at 10:22 pm | lankacgossip

ලංකාව අයවැය නිසා සෝමාලියාවක් වෙනවා..- විපක්‍ෂ නායක විග‍්‍රහය මෙන්න..

රට ගොඩනගනවා වෙනුවට මේ රට තවදුරටත් අගාධයකට රැගෙන යන අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කළ බවත් මේ අයවැය අංක ගණිත ජිල්මාට් එකක් පමණක් බවත් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

අයවැය සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කරමින් පේ‍්‍රමදාස මහතා මේ බව පැවසුවේ අද (12) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

“රටේ ජනතාව අපේක්ෂා කළේ ප්‍රගතිශීලී අයවැයක්. නමුත් ලැබුනේ හිස් ප්‍රලාපයක්. ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්. නමුත් ලැබුණේ ප්‍රතිගාමී පුස්සක්. මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ. අයවැය හිගය අවම කරන සැලැස්මක් නෑ. ජීවන වියදම, උද්ධමනය නිමා කරන්න වැඩපිළිවෙළක් නෑ. ජන ජීවිත ගොඩනගන වැඩපිළිවෙළක් නෑ. ගොවියා නගාසිටුවන ක්‍රමවේදයක් නෑ. ආදායම් උත්පාදන ක්‍රමවේදයක් නෑ.කෙටියෙන් කීවොත් මේ අයවැය, සෝමාලියානු පන්නයේ අයවැයක්. මේක ජනතාව රවට්ටපු අයවැයක්.

තමන්ගේ හිතවතුන් සතුටු කරන අයවැයක් මිස, රට ගොඩනගන වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නෑ.

කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන වැඩපිළිවෙළක් නැති හිස් ලියවිල්ලක්. ව්‍යසනයෙන් පීඩා විදින ජනතාවට අයවැයෙන් තවත් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ විතරක් නෙවේ,රාජ්‍ය සේවකයින්ට, පෞද්ගලික අංශ සේවකයින්ට කිසිම වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්. කොටින්ම කීවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට උවමනා විදිහට හදපු ලියවිල්ලක්.”

– media unit

0 views



Source link

Related posts

lankacgossip | රාජ්‍ය සේවය රටට බරක්.. පඩි වැඩි කරන්න බෑ..

Rohan

lankacgossip | පෞද්ගලික බස්රථ හිමියන් 20,000කට සහන පැකේජයන්…

Rohan

lankacgossip | පාසැල්වල හමුවන කොරෝනා ආසාදිතයන් ගැන නව චක‍්‍රලේඛයක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy