November 12, 2021 at 10:02 pm | lankacgossip
වාරියපොල ප්රාදේශීය සභාව 2022 වසර සඳහා ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද 3 කින් පරාජයට පත්වී තිබේ.
එම ප්රාදේශීය සභාවේ බලය හොබවන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් තිදෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කිරීම මත මෙම තත්ත්වය ඇති විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 18 විරුද්ධව ඡන්ද 21 ක් ලැබී තිබිණි.
එම සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් 23ක් එක්සත් ජාතික පක්ෂයේ 12ක් ශ්රී ලංකා නිදහස් පක්ෂය තුනක් සහ වෙනත් පක්ෂවල තුන් දෙනෙකු නියෝජනය කරති.
1,836 views