Sinhala

lankacgossip | එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..


November 12, 2021 at 8:40 am | lankacgossip

එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 90% කින් පමණ පහළ බැස තිබේ.

එහි කළමනාකරු සඳහන් කරන්නේ අයහපත් කාළගුණ තත්වය සහ පොහොර හිගය මෙම තත්ත්වයට දැඩිව බලපා ඇති බවයි.

උඩරට එළවළු මෙන්ම පහතරට එළවුළු වර්ග ලැබෙන ප‍්‍රමාණය 90% කින් පමණ අඩු වී ඇතැයි ඔහු කියා සිටියේය.

සාමාන්‍යයෙන් මධ්‍යස්ථානයට දිනකට එළවළු කිලෝ ලක්ෂ 30-35ක් අතර ලැබෙන බවත් ඇතැම් දිනවල එය ලක්ෂ පනහක් පමණ වන බවත් පැවසූ ඔහු ඊයේ දින ලැබී තිබුණේ එළවළු කිලෝ ලක්ෂ දෙකක් පමණ ප්‍රමාණයක් යයිද කියා සිටියේය.

පොහොර හිගය හේතුවෙන් ගොවීන් බහුතරයක් එළවළු අස්වනු නෙලීම අතහැරදමා වගාවෙන් පවා ඉවත් වී සිටින බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය මත ඉදිරියේදී දැවැන්ත එළවළු හිගයක් ඇති වනු ඇති බවත් අලුත් අවුරුද්ද වන විට එළවළු නැත්තටම නැතිවී යන තත්ත්වයක් උදාවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

දැනට ලැබෙන සීමිත එළවළුද මිල ගනන් ඉතා සීග්‍ර ලෙස ඉහළ යනු ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

1,131 views



Source link

Related posts

lankacgossip | ලොවටම සුබ පණිවුඩයක්.. කොරෝනා අවසානය අත ලගම.. ඇමරිකාවේ පර්යේෂණය මෙන්න…

Rohan

lankacgossip | මෝල් වැටලීම අසාර්ථකයි.. ගෙනා තොගය රටටම දිනකට මදි.. මෝල් හිමියන්ට දින 10කින් මුදල් දෙන්න රජය පොරොන්දු වේ..

Rohan

lankacgossip | රට නැවත 70 දශකයට.. ආණ්ඩුව විහිළු සපයනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy