Sinhala

lankacgossip | ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..


November 12, 2021 at 10:40 am | lankacgossip

ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..- මහ බැංකුව

රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්ධන මිල සූත්‍රයක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මිල ගණන් ඉහළ යාම අනුව සහ ඉදිරි කාල සීමාවේද මෙම තත්වය තව දුරටත් ඉහල යනු ඇතැයි පුරෝකතන හේතුවෙන් ඉන්ධන අර්බුදය විසඳීමට මිල සංශෝධන පමණක් ප්‍රමාණවත් නැතැයි ද මහ බැංකුව කියා සිටියි.

මහ බැංකුව මේ බව කියා සිටින්නේ මෑතකාලීන ආර්ථික ප්‍රවණතා නමින් නිකුත් කරන ලද නවතම වාර්තාව ඔස්සේය.

මිල සූත්‍රය හරහා ඉන්ධන මිල නියම කිරීම මගින් ඉන්ධන මිල ගණන් පිළිබඳව ජනතාව තුළ පවතින පිළිගැනීම වැඩි දියුණු කළ හැකි බවත් ක්‍රියාවලිය විනිවිදභාවයකින් පවත්වාගෙන යා හැකි බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

එමෙන්ම ලෝක වෙළඳපොලේ මිල පහල වැටීමේ ප්‍රතිලාභ පාරිභෝගිකයාට ක්ෂණිකව ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ය.

338 views



Source link

Related posts

lankacgossip | රුපියල රැකගන්න ඩොලර් විකුණයි… මූල්‍ය අරමුදලෙන් ලැබුණු SDR කොටසකුත් ඒ අතර…

Rohan

lankacgossip | එජාප ප්‍රබලයින් තිදෙනකු නම් පැන්ඩෝරා පත‍්‍රිකාවල..

Rohan

lankacgossip | හොර සීනි තොග රජයට පවරා ගනී.. කිලෝව 130ට විකුණයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy