Sinhala

lankacgossip | හැමෝම එක්ක සාකච්චා කර තීරණ ගත්තානම් පොහොර ප‍්‍රශ්ණය මෙහෙම වෙන්නෙ නෑ…


November 11, 2021 at 12:00 pm | lankacgossip

හැමෝම එක්ක සාකච්චා කර තීරණ ගත්තානම් පොහොර ප‍්‍රශ්ණය මෙහෙම වෙන්නෙ නෑ…

පොහොර ප්‍රශ්නය පිළිබඳව විපක්ෂය ඇතුළු සියලු අංශ සමඟ සාකච්ඡා මාර්ගයට යාම වඩා වැදගත් බවත් මුලින් සාකච්ඡාවකට ගියේ නම් වර්තමාන ප්‍රශ්න ඇති නොවන බව තම පෞද්ගලික විශ්වාසය බවත් වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හරිත කෘෂිකර්මාන්තයට අවතීර්ණ වූයේ යහපත් චේතනාවෙන් මිස කිසිවෙකුට රිදවීමට නොවන බවත් පැවසූ ඔහු රජය රටේ කෘෂිකර්මාන්තය කඩා වැට්ටීමට කිසිම විටක සූදානම් නැතැයි ද පැවසීය.

ජනතාවගේ යහපත සුභසිද්ධිය සැලකිල්ල ගෙන ආණ්ඩුව සහ විපක්ෂය මේ ප්‍රශ්නය සම්බන්ධ සාකච්ඡා කර සම්මුතියෙන් කටයුතු කිරීම වඩා වැදගත් බවත් දේශපාලන පටු චේතනාවෙන් කටයුතු කරන අයට වඩා එසේ කිරීම සුදුසු බවත් ඔහු සඳහන් කළේය.

බොහෝ දෙනෙකුට ආණ්ඩු කරන්න දේවල් මතක් වෙන්නෙ විපක්ෂයට ගිය විට යයිද පැවසූ අමාත්‍යවරයා රටේ අනාගතය සඳහා සාකච්ඡාවට එකතු වෙන්නයි විපක්ෂයට ආරාධනා කරන බවද කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

202 views



Source link

Related posts

lankacgossip | මහ පාරේදී අත වෙන් වෙන්නම කපා දමයි..

Rohan

lankacgossip | ආණ්ඩු-විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් මහ පාරේ ගුටි කෙලියක.. පොලිසිය කැදවයි.. පිරිසක් රෝහලේ..

Rohan

lankacgossip | ‘ඉයාන් ලංකා’ පිරමිඩ වංචාව කෝටි 900ක්.. ප්‍රධානියා සැගවී ඉන්නේ ඇමති ජොන්ස්ටන්ගේ නිවසේ.. ආරක්ෂාව කුරුණෑගල නගරාධිපතිගෙන්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy