Sinhala

lankacgossip | පාදෙණිය වැද වැටෙයි.. සෞඛ්‍ය ලේකම්කම ඉල්ලයි..


November 11, 2021 at 10:22 pm | lankacgossip

පාදෙණිය වැද වැටෙයි.. සෞඛ්‍ය ලේකම්කම ඉල්ලයි..- සාක්‍ෂි සහිතව මුරුත්තෙට්ටු හිමි හෙලි කරයි…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය ලබා ගැනීමට උපකාර කරන්නැයි තමන් වහන්සේගෙන් ඉල්ලා සිටි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියා සිටිති.

තමන් කොළඹ විශ්ව විද්‍යාලයේ පුරපති වීමට එරෙහිව අදහස් පල කරන පාදෙණිය මහතා විහාරස්ථානයට පැමිණ තමා ඉදිරියේ බිම දණ ගසා ඉල්ලීම් කරන තරමට අද වෙනස් වී ඇති බවත් උන් වහන්සේ පැවසූහ.

ඔහුගේ දෙපිටකාට්ටු වැඩ කළ හෙළි කළහොත් යන එන මං නැති වනු ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරය තමනට ලබා ගැනීමට උදව් කළහොත් හෙද ප්‍රශ්න සියල්ල විසඳන බවට ද තමන්ට පොරොන්දු වී සහතික වූ බවට සාක්ෂි තමන් වහන්සේ සතුව ඇතැයි ද ආනන්ද හිමියෝ කියා සිටිති.

ස්වාධීන රූපවාහිනී සාකච්ඡාවක දී හිමියන් මෙම අදහස් පළ කරනු ලැබීය.

1,073 views



Source link

Related posts

lankacgossip | නැනෝ නයිට‍්‍රජන් මිලට ගැනීමේදී වංචාවක්.. රු1302 වන එකක් රු.5230ට මිලට අරන්..

Rohan

lankacgossip | මන්ත‍්‍රී සුමන්තිරන් කුඹුරැ හායි…

Rohan

lankacgossip | කොරොනා මර්ධන කමිටුවේදී අද ගත් තීන්දු මෙන්න…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy