Sinhala

lankacgossip | චීන පොහොර තොගයේ හානිකර කිසිවක් නෑ..


November 11, 2021 at 9:20 am | lankacgossip

චීන පොහොර තොගයේ හානිකර කිසිවක් නෑ..- තෙවන පාර්ශව පරීක්‍ෂණයෙන් හෙලි වේ..

චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියා කිසිවක් නොමැති බව ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ තුන්වන පාර්ශවය ආයතනය විසිනි තහවුරු කර ඇති බව Qingdao Seawin Biotech Group චීන සමාගම සඳහන් කර ඇත.

අදාල පොහොර සාම්පලවල හානිකර බැක්ටීරියා ඇති බව ශ‍්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් සිදු කරන පරීක්ෂණ වලින් හෙලි විය.

පසුව එම පරීක්‍ෂණ වාර්තා අභියෝගයට ලක්වෙමින් චීන Qingdao Seawin Biotech Group සමාගම විසින් දෙරටේ එකගතාවය තෙවන පාර්ශවයක් ලෙස Schutter Global Inspection and Survey Company වෙත පරීක්ෂණ සඳහා යෙමු කරන ලදී.

ඒ අනුව සිදුකරන ලද පරීක්ෂණ වලට ශ්‍රී එම පොහොරවල කිසිදු හානිකර බැක්ටීරියා හමු නොවූ බව සමාගම සඳහන් කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

අදාල පොහොර තොගය රැගත් නෞකාව මේ වන විට කොළඹ වරාය ආසන්නයේ රදවා ඇති අතර වහාම පොහොර තොගයට ගාස්තු ගෙවා බාර ගන්නා ලෙස චීනය දැනුම් දී ඇත.

එමෙන්ම ඒ සදහා ණයවර ලිපි විවෘත කරන ලද මහජන බැංකුව චීනය විසින් ආසාලු ලේඛණ ගත කර ඇත.

1,377 views



Source link

Related posts

lankacgossip | මාස එකහමාරකට ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක් ගනී..

Rohan

lankacgossip | රාජගිරියේ කුඩා නිවසක සමාගමකින් ඩොලර් බිලියන 2.5ක ණයක්.. හිමිකරුට මිලියන 175ක කොමිස්.. කැබිනෙට්ටුවේ අනුමතයි…

Rohan

lankacgossip | සෙල්ලම් පිස්තෝල නගරාධිපති අත්අඩංගුවට.. එසැණින් ඇප මත නිදහස්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy