Sinhala

lankacgossip | උතුරේ තරුණ පිරිස කෘෂිකර්මයට යොමු වුනොත් ඉඩම් දෙනවා.. ආධාර දෙනවා..


November 12, 2021 at 2:17 am | lankacgossip

උතුරේ තරුණ පිරිස කෘෂිකර්මයට යොමු වුනොත් ඉඩම් දෙනවා.. ආධාර දෙනවා..

උතුරු පළාතේ ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා කෘෂිකාර්මික කටයුතුවලට සහය වීමට තමන් සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

LTTE සංවිධානයට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වූ පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යවරයා හමුවු අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කෘෂිකාර්මික වශයෙන් මිරිස් වගාවට යොමු වීමට කැමති උතුරු පළාතේ තරුණ තරුණියන්ට ඒ සඳහා අවශ්‍ය ඉඩම් හා ආධාර ලබා දීමට කටයුතු කළ හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා හමුවු මේ පිරිස තමන් මුහුණ දී සිටින ආර්ථික, සමාජයීය හා ජිවන ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ දිර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා ක⁣ළහ. ඊට අදාළ සංදේශයක් ද අමාත්‍යවරයාට බාර දුන්නේය.

මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ කෘෂිකාර්මික ප්‍රදේශයක් වන උතුරු පළාතේ තරුණ පිරිස ඊට යොමු වන්නේ නම් ඔවුන්ට අක්කර භාගයක් බැගින් ඉඩම් ලබා දී ඊට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය, පොහොර, ජලය හා ආරක්ෂිත ගෘහයන් ද කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ලබා දීමට පියවර ගත හැකි බවය.

මීට අමතරව උතුරු පළාතේ ඇතිවන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තනතුරු පුරප්පාඩු පිරවීමේදී LTTE සංවිධානයේ පුනරුත්ථාපනය වූ පවුල්වල සාමාජිකයන්ට සුදුසුකම් අනුව ප්‍රමුඛතාව ලබා දීමට අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා කීවේය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

3 views



Source link

Related posts

lankacgossip | ඉඩම් අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක් විදේශීය ව්‍යාපාරිකයකුට.. කැබිනට් අනුමැතිය…

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට..

Rohan

lankacgossip | මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy