Sinhala

lankacgossip | හාල් සිනි මිල සීඝ‍්‍රයෙන් ඉහලට… 140, 150, 160, 170


November 10, 2021 at 12:00 pm | lankacgossip

හාල් සිනි මිල සීඝ‍්‍රයෙන් ඉහලට… 140, 150, 160, 170

හාල් සිනි ඇතුළු භාන්ඩවල පාලන මිල ඉවත දැමිමත් සමග හැටන් හා ආශ්‍රිත ප්‍රදේශ කිපයකම හාල් සිනි මිල දැඩි ලෙස ඉහල ගොස් ඇත.

මෙම තත්වයන් මත මේ වන විට මෙම ප්‍රදේශවල වෙලද පලේ නාඩු සහල් ක්‍රිලෝව 140ත් 150ත්, සුදු කැකුළු හාල් ක්‍රිලෝව රුපියල් 120ත් 140ත්, සමිබා හාල් ක්‍රිලෝව රුපියල් 160ත් 170ත් සිනි ක්‍රිලෝව රුපියල් 155ත් 160ත් අතර මිලකට අලෙවි වනු ඇත.

හාල් සිනිවලට අමතරව අල, බීළුනු, පරිප්පු,සැමන්, වැනි ද්‍රව්‍යවල මිල ගනන්ද දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මෙසේ හාල් සිනි ඇතුළු භාන්ඩ මිල මෙසේ ඉහල යාමේ තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

භාන්ඩ මිල මෙසේ ඉහල ගියද තම අදායම් තත්වයන් ඉහල ගොස් නොමැති බවත් එම තත්වයන් මත මේ වන විට තමන්ට ජිවත්විමද ප්‍රශ්නයක්ව පවතින බවද එම පිරිස් පවසති.

භාන්ඩ මිල මෙසේ ඉහල යාම් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ වෙලදුන් පවසනුයේ මේ වන විට හාල් සිනි ඇතුළු භාන්ඩ රාශියක තොග මිල ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

748 views



Source link

Related posts

lankacgossip | රට පුරා භූමිතෙල් පෝලිම්.. නිකුත් කිරීම සලාක ක‍්‍රමයට..

Rohan

lankacgossip | ‘පිස්සුද අයිසෙ’ චන්ද‍්‍රිකා ඇගට ගොඩවේ…

Rohan

lankacgossip | කොළඹ කැසිනෝවකට කියා මුදල් වංචාවක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy