November 10, 2021 at 6:24 am | lankacgossip
රට තුල පවතින සිමෙන්ති හිගයත් සමග වතු ආශ්රිත ප්‍රධාන නගර වල සිමෙන්ති විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරිමට සිමෙන්ති අලෙවි නියෝජිතයන් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ අලෙවි කරන වෙලදුන් පියවර ගෙන ඇත.
රු 1200 සිට 1500දක්වා විවිධ මිල ගණන් යටතේ සිමෙන්ති මිටියක් අලෙවි කරන අතර , සිමෙන්ති මිල ඉහල යාම හමුවේ සිමෙන්ති ගල් නිෂ්පාදකයන් මෙන්ම සිමෙන්ති ආශ්රිත නිපැයුම්කරුවන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.
සිමෙන්ති මිල ඉහල යාම හමුවේ ඉදි කිරිම් කර්මාන්තයේ යෙදි සිටින පිරිස්ද ගැටළු රැසකට මැදි වි සිටින අතර , රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ද කියා සිටින්නේ තමන් සිමෙන්ති මිල එවකට පැවති මිල අනුව ඇස්තුමේන්තු සකස් කර රජයේ කොන්ත්‍රාත් ලබාගත් බවත්, වර්තමානයේ සිමෙන්ති මිල අධික ලෙස ඉහල යාම හමුවේ තමන්ට විශාල පාඩුවක් දැරිමට සිදු වි ඇති බවයි.
සිමෙන්ති මිල ඉහල යාම සම්බන්ධයෙන් අප සිමෙන්ති අලෙවි නියොජිතයන්ගෙන් කල විමසුමකට ඔහුන් කියා සිටියේ තම ඉල්ලුමට සරිලන සිමෙන්ති සැපයුමක් සිමෙන්ති නිෂ්පාදන සමාගම් විසින් ලබානොදෙන බවත්, එම සමාගම් විසින් ලබාදෙන සිමිති සිමෙන්ති මිටි ප්‍රමාණය ප්‍රවාහන ගාස්තු සසදා අලෙවි කිරිමේදි සිමෙන්ති මිටියේ සදහන් කර ඇති මිලට වඩා වැඩි මුදලක් වැය වන නිසා සිමෙන්ති මිල ඉහල ගොස් ඇති බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
71 views