Sinhala

lankacgossip | වේවැල අතට ගෙන ජනපති මල්ලිට තදින් අවවාද කරන්න චමල් සූදානම්…


November 10, 2021 at 11:20 am | lankacgossip

වේවැල අතට ගෙන ජනපති මල්ලිට තදින් අවවාද කරන්න චමල් සූදානම්…

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුලේ වැඩිමහල් සහෝදරයා ලෙස ගොවි ගැටලු සහ පොහොර ප්‍රශ්න පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වේවැල අතට ගෙන තදින් අවවාද කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.

අද වන විට මෙරට ගොවීන් විශාල පිරිසක් වැඩ ආරම්භ කර නැති බවත් එය බරපතළ ගැටලුවක් බවත් පැවසූහ ඔහු කන්නය අවම තරමින් සියයට පනහක් වත් වගා නොකොළොත් එන වසරේ දී ආහාර හිඟයක් රට තුළ මතුවන බවද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමිනි.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ තමන් නලින් බණ්ඩාර මහතාගේ උපදෙස් ඉතා ඉහළින් පිළිගන්නා බවයි.

මේ වන විට සියලු ගොවි සංවිධාන, දිස්ත්‍රික් ලේකම්වරුන් සමග එක්ව කන්න රැස්වීම් පිළිබඳ සාකච්ඡා කළ බවත් රටේ අවශ්‍යතාවය අනුව වගා කටයුතුවල යෙදෙන්නේ සියලු ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා තවදුරටත් පැවසීය.

1,589 views



Source link

Related posts

lankacgossip | ගුවන් තොටුපලේ කලබලයක්.. විදේශිකයෙකු වහලයට නැග පැන දුවයි…

Rohan

lankacgossip | පොල් ගෙඩියක් සොරකම් කල අයෙකුට පහර දී නිරුවත් කර පාරේ ඇවිද්දවයි…

Rohan

lankacgossip | ශක‍්‍රයාගෙ පුතා වයිමා හරහා ආනයන කලත් වංචාවක් වෙනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy