Sinhala

lankacgossip | මුරුත්තෙට්ටු හිමි වෘත්තීය සමිති නායකයෙක් පමණයි.. කොළඹ සරසවියේ පුරපති කරන්න අධ්‍යාපනයක් නෑ..


November 10, 2021 at 4:40 pm | lankacgossip

මුරුත්තෙට්ටු හිමි වෘත්තීය සමිති නායකයෙක් පමණයි.. කොළඹ සරසවියේ පුරපති කරන්න අධ්‍යාපනයක් නෑ..- GMOA

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව කියා ඇත.

අන්තර්ජාතික පිළිබඳ පිළිගැනීමක් සහිත කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති පදවිය උසස් අධ්‍යාපනයේ ප්‍රෞඪත්වය විදහා දක්වන දක්වන එකක් බව ද එම ලිපියේ සඳහන් වේ.

අන්තර්ජාතික පොදු සම්මතයන්ට අනුව විශ්ව විද්‍යාලයක කුලපති පදවිය දරන පුද්ගලයා විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම් පහක් දැරිය යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

ආනන්ද හිමියන් සඳහා වෘත්තීය සමිති නායකත්වය යන සුදුසුකම හැරුණුකොට විශ්වවිද්‍යාල කුලපති තනතුරක් දැරීම සඳහා අවශ්‍ය සුදුසුකම් නැතැයි ද ඔවුන් අවධාරණය කරයි.

ඒ අනුව ආනන්ද හිමියන්ට ලබාදී ඇති තනතුර පිළිබඳව නැවතත් සලකා බලා උන්වහන්සේට වෙනත් සුදුසු තනතුරක් ලබා දෙන්නැයිද සංගමය සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

312 views



Source link

Related posts

lankacgossip | මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Rohan

lankacgossip | වෛද්‍ය ඒලියන්ත වයිට් කොරෝනා ආසාදනය වී මිය යයි..

Rohan

lankacgossip | රාත‍්‍රි ඇදිරි නීතිය දිගටම…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy