Sinhala

lankacgossip | ඉන්දිවේ විකුණන්නේ නැනෝ යූරියා.. ඒක ලාබයි.. අපි ගේන්නේ නැනෝ නයිට‍්‍රජන්..


November 10, 2021 at 10:00 am | lankacgossip

ඉන්දිවේ විකුණන්නේ නැනෝ යූරියා.. ඒක ලාබයි.. අපි ගේන්නේ නැනෝ නයිට‍්‍රජන්..

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් නැනෝ නයිට‍්‍රජන් ආනයනයේ දී තමන් සහ නියෝජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ බිලියන අටක් වංචා කළ බවට එල්ල වන චෝදනාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අදාල ඉන්දීම සමාගමේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ නැනෝ යූරියා වල මිල ගණන් බවද පැවසූ ඔහු ලංකාවට ගෙන්වල ලද්දේ නැනෝ නයිට්‍රජන් බවද සඳහන් කළේය.

එමෙන්ම එම වෙබ් අඩවියේ දක්වා ඇති ඉන්දියාවේ සහනාධාර මිල බවත් ඇමතිවරයා පැවසීය.

ඉන්දීය සමාගමක නිෂ්පාදනයක් වන නැනෝ යූරියා දියර පොහොර ඉන්දීය රුපියල් 240 ක මුදලකට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට ඔවුන් කටයුතු කරන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 645 ක පමණ මිලකි.

ශ‍්‍රී ලංකාවේද ‘නයිට්‍රො රජා’ නමින් බෙදා හරිනු ලබන්නේද මෙම සමාගමේ දියර පොහොර වර්ගයකි.

යොමුව මෙතනින්..

735 views



Source link

Related posts

lankacgossip | පොහොට්ටු පසුපෙලට කාබනික දේශණය උණුසුම්.. සහල් කිලෝව 350ක් යයි ජනාධිපති කාබනික බලකා ආචාර්ය කියයි… තනිකරම කාබනික බැරිලු..

Rohan

lankacgossip | මං ජනාධිපති වුණාම උපදෙස් ගන්න තරුණයන් මූලික කරගත් උපදේශක සභාවක් හදනවා..

Rohan

lankacgossip | අත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy