Sinhala

lankacgossip | PCR කට්ටල වැඩි මිල සැපයුම්කරුගෙන් අරන්.. රජයේ පාඩුව ලක්‍ෂ 1250ක්..


November 9, 2021 at 6:20 am | lankacgossip

PCR කට්ටල වැඩි මිල සැපයුම්කරුගෙන් අරන්.. රජයේ පාඩුව ලක්‍ෂ 1250ක්..- විගණකාධිපති

කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය කට්ටල වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරුවකුගෙන් මිලට ගැනීම හේතුවෙන් රජය ලක්ෂ 1250ක් අලාභයක් සිදුව ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි.

2020 අප්‍රේල් මාසයේදී මෙම මිලට ගැනීම සිදුකර ඇතැයි විගණකාධිපතිවරයා සිය වාර්තාව මගින් සඳහන් කර ඇත.

එම කාලයේ දී වෙළඳපොලේ එක කට්ලයක මිල රුපියල් 1850 ක් වූ අතර අඩු මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරු ප‍්‍රතික්ෂේප කරමින් වෙනත් සැපයුම්කරුවකුට වාසි වන ලෙස එම ටෙන්ඩරය ලබා දී ඇති බවද සඳහන් වෙයි.

මේ හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 1250 අලාභයක් සිදුව ඇතැයිද කතානායකවරයා වෙත භාරදී ඇති විගණන වාර්තාවේ සඳහන්ය.

110 views



Source link

Related posts

lankacgossip | තොණ්ඩමන් ආණ්ඩුවෙන් ඉවත් වේ.. 2/3 ආණ්ඩුව නොපෙනී යයි…

Rohan

lankacgossip | අන්තර්ජාල ගාස්තුත් ඉහලට…

Rohan

lankacgossip | සංචාරකයන් කොරෝනා නීති නොතකති…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy