November 9, 2021 at 1:20 pm | lankacgossip
ගතවු පැය 48 කපමණණණ කාලයක සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂා හේතු කොට ගෙන හලාවත ප්රාදේශීය ලේකම් කොට්ඨසයේ ග්රාම නිල වසම් 15 පවුල් 1800 ට ගංවතුර ආපදා තත්ත්වයකට මුහුණණ දිමට සිදුව ඇති බව හලාවත ප්රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
මෙම ධාරාණිපාත වර්ෂාව ඉකුත් 6 වන දින රාත්රියේ පටන් ඇද හැලෙමින් පැවැති අතර එහි අඩුවක් සිදු නොවුනහොත් ඉදිරියේ දි මිට වඩා ලොකු හානියකට මුහුණ දිමට සිදුවිය හැකි බවත් කියයි.
මේ වන විට ප්රදේශයේ විශාලම වැව වන අක්කර 999 න් සමන්විත කරවිට වැව පිට වානෙන් උතුරා ගලා යන ජලය හා තිඹිල්ල වැව පිටාර ගැලිම නිසා ග්රාම නිලදාරි වසම් ගංවතුර අවධානමකට මුහුණ දිමට සිදුව ඇත.
මේ වන විට හලාවත මයික්කුලම සවරාන තිඹිල්ල යන වසම් වලට ගංවතුර අවදානම වැඩිවි ඇති බවත් කියයි. මයික්කුලම ග්රාම නිලධාරි කාර්යාලය පවා ගංවතුරට යටවි ඇත.මයික්කුලම අලඹ ප්රදේශයේ ගංවතුර ඉහල ගොස් ඇත්තේ පසුගිය යහපාලන සමයේ මහජජන විරෝධය මැද කපන ලද ඇල මාර්ගයක් නිසා බවත් කියති.
ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි හලාවත ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ නිලධාරි රසික නිරෝෂන මහතා කියා සිටියේ තමන් මුලින්ම අවතැන් ජනතාව වෙත පිසන ලද ආහාර ලබා දෙන බවත් පසුව ඇති වන තත්ත්වය මත වෙනත් සහන සලසන බවතත් කීය.
– හලාවත ඔගස්ටින් ප්රනාන්දු
246 views