Sinhala

lankacgossip | භූමිතෙල් සැපයුම සීමා කරයි.. ඉන්ධන මිල වැඩිකිරීම බැසිල් අතට..


November 9, 2021 at 2:10 pm | lankacgossip

භූමිතෙල් සැපයුම සීමා කරයි.. ඉන්ධන මිල වැඩිකිරීම බැසිල් අතට..

ගොවි සහ ධීවර ප්‍රජාව වාසය නොකරන ප්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීම සීමා සහිතව සිදු කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගෑස් වෙනුවට භූමිතෙල් භාවිතයෙන් ආහාර පිසීමට ජනතාව පෙළඹී සිටින බවත් ඒ නිසා භූමිතෙල් සඳහා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් ඔහු පවසයි.

එමෙන්ම මේ දිනවල බස් රථ පවා භූමිතෙල් වලින් ධාවනය කිරීමට පටන් ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ජනතාවද දැවැන්ත පීඩනයක සිටින නිසා රජය විශාල පාඩුවක් දරමින් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළ බවද ඔහු සඳහන් කළේය.

නමුත් මෙම අයවැය මාසයේදී ඉන්ධන මිල තීරණය කිරීම මුදල් අමාත්‍යතුමාට භාර කාර්යයක් බවත් ඔහු කියා සිටියේය.

බලශක්තිය අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

740 views



Source link

Related posts

lankacgossip | තවත් ප‍්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙක් කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වේ…

Rohan

lankacgossip | යලිත් ලොක්ඩවුන්..?

Rohan

lankacgossip | ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy